සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මම අද ඉදන් බ්ලොග් එක අයෙත් කරන්න පටන් ගත්ත. මොකද මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුන මේක යේ පටන් ගන්න කියල. උසස් පෙළ දැන් ඉවර නිසා ඔන්න ඉතින් මම අයෙත් ගේමට එන්ටෙර් උන.
හරි ඔය ඔප දුප වලින් වැඩක් නෑ අපි බලමු අද මොකක්ද මේ Ebay කියන එක ගැන.මම පහලින් විස්තර කරගෙන යන්නම් ඔයාලට සාමාන්යෙන් එන ප්‍රශ්න ගැන.
ඇත්තටම මේ eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ හරියට මුළු ලෝකයේම ව්‍යාප්ත පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyers) සහ විකුණුම්කරුවො (sellers). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න. මේකෙදි හොද බැඳ නරක බැඳ කියල තොර ගන්න නම් පොඩි පළපුරුද්දක් තියෙන්න ඕන.එහම ඒවා තෝරාගන්නේ කොහොමද කියන එක ගැන මම ඉදිරි ලිපි වලදී කියල දෙන්නම්.
eBay එකෙන් අපිටත් බඩු මිලදී ගන්න පුලුවන්ද ?
මොකද බැරි ඔයාට මට වගේම මේ ලෝකේ ජිවත් වෙන ඕනෑම කෙනෙක්ට eBay හරහා ලේසියෙන්ම බඩු මිලදී ගන්න පුළුවන්.
eBay එකෙන් මිලදී ගන්න බඩු අපිට එවන්නේ කොහේ ඉදන්ද ?
eBay කියන්නේ ලෝකයේ ව්‍යාප්ත පොලක් නිසා අපිට කියන්න බැ මෙන්න මෙතන ඉදන් තමයි අපිට බඩු එවන්නේ කියල.බඩු එවන ස්ථානය තීරණය වෙන්නේ අපි බඩුව මිලදී ගන්න seller අනුව තමයි. උදාහරණයක් විදියට seller චිනේ නම් අපිට බඩුව එවන්නේ චිනේ ඉදල. seller ඇමරිකාවේ නම් බඩුව එවන්නේ ඇමරිකාවේ ඉදල. එබය් වෙබ් අඩවියේ ඔයාලට seller ගේ රට ගැන දැනගන්න පුළුවන්.
eBay එකෙන් බාන්ඩයක් එන්න කොච්චර කාලයක් යනවද ?
මේකත් ඇත්තටම කෙලින්ම කියන්න අපහසු කාරණයක්, සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.
eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.
eBay එකෙන් එවන බඩු අපේ ගෙදරට ලැබෙන්නේ කොහොමද ?
eBay බවිත කරලා බරින් වැඩි ලොකු බැඳ ගෙන්නවන එක නුවනට හුරු නෑ. මොකද ඒවාට බදු වදින්න පුළුවන්. එහම නැති සියලුම බැඳ සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා.
eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
මුලිකවම ගෙවීම් කටයුතු සදහා බවිත වෙන්නේ Paypal තමා.ඒ වගේම අපිට Credit Card , Debit Card බවිතයෙනුත් ගෙවීම් කරන්න පුළුවන්. ලංකාවේ නම් ගෙඔදක් අන්තර්ජාල මුදල් හුවමාරු සදහා බවිත වෙන්නේ HNB සහ Sampath කියන බැංකු ආයතන තමයි.
අවසාන වශයෙන් eBay එකෙන් බන්දයක් ගෙන්නවනම් අපි ලග තියෙන්න ඕන මොනවද ?
1) eBay Account එකක්
2) Paypal හෝ Credit Card , Debit Card එකක් (මුදල් තියෙන්නත් ඕන)
මම අද කතා කරේ මුලික සිද්දාන්ත කීපයක් විතරයි මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊලග ලිපිය ලියන්න බලාපොරොත්තු වෙනවා කොහොමද Paypal ගිණුමක් හරියට හදාගන්නේ සහ කොහොමද එකටCard එකක් ඇඩ් කරන්නේ කියන එක ගැන ඒ වගේම අන්තර්ජලයෙන් මුදල් උපයන ක්‍රම ගැන තවත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. එහනම් අදට සමුගන්නම් ඔබ සැමට සුබ දවසක්.

Aiyo malli mewa danne naththe Kauda plz wadagath harawath deyak post karanna puluwanda ......
ReplyDeleteදන්න අය ඉන්නවා ඇති සහෝ එත් වැඩක් කරනකොට මුල ඉදන් කරන්න ඕන නිසය් මුල ඉදන් පටන් ගත්තේ. කමෙන්ටුවට ගොඩක් සතුටයි සහෝ දිගටම බ්ලොග් එක කියවන්න ගොඩක් අලුත් දේ දනගන්න ලැබෙයි
Deleteitzz a super idea..... keep it up malliya. aniwa digtama kiywnnm.
ReplyDeletemkda mula idla ptan gththa aka hodai.danna aya athare nodanna ayth athine
This comment has been removed by the author.
ReplyDeleteela!
ReplyDelete