Wednesday, September 30, 2015



සුබ දවසක් යාලුවෝ හැමෝටම පලවෙනි ලිපියෙන් eBay ගැන මුලික හැදින්වීමක් කරා එකට ලැබුන ප්‍රතිචාර එක්ක මම හිතුව මේ බ්ලොග් එකේන් මම දන්නා හැම දෙයක්ම කියල දෙන්න. ඉතින් යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම වලින් ප්‍රදානම ක්‍රමයක් ගැන තමය මම  අද කියල දෙන්න යන්නේ ඒ තමය Google Adsense.දන්නවනේ ඉතින් ගුගල් සමාගමෙන් කරන වැඩක් කවදාවත් චාටර් වෙන්නේ නෑ නේ.

Adsense ඇත්තටම ඇඩ්සෙන්ස් කියන්නේ Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්.මම ඔයාලට පළවෙනි ලිපිය යට‍තේ පහත මාතෘකා යටතේ කතා තීරීමට බලාපොරොත්තු වෙනවා.

1) Adsense  කියන්නේ මොකක්ද?
2)Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?
3)Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි ‍නීති රීතී)

 Adsense  කියන්නේ මොකක්ද?

මම මුලින් කිව්ව ‍වගේ මේක Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්. ඇත්තටම මේකෙදි වෙන්නේ නොයෙක් සමාගම් විසින් Google සමාගමට ලබාදෙන ඇඩ්ස් අපගේ වෙබ් අඩවියේ පල කිරීමට අවස්ථාවක් දෙන ඵක.වැඩි දුර විස්ථර ඔයාල‍ට පස්සේ කියන්නම්.

Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?

Adsense Account ඵකක් ලබාගන්න අපිට වේබ් අඩවියක් හො බ්ලොග් අඩිවියක් හො යුටියුබ් චැනල් ඵකක් තිබීම ත්‍යවශ්‍යයි.ඵ්වගේම හොද පොස්ට් ලියන්න හැකියාව තියෙන්නත් ‍ඕන.(ලංකාවෙ ගොඩ දෙනෙකේට ඇඩ්සෙන්ස් ගන්න බැරි වෙල තියෙන්නේ ඔන්න ඔය හේතුව තමා)

Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි ‍නීති රීතී)

Adsense ලබාගන්න නම් ඔයාල හදන බ්ලොග් ඩවිය හෝ වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම English වලින් තියෙන්න ඕන.හොද මාතෘකාවක් යටතේ තමන්ගේ පෝස්ට් ලියල තියෙන්න ඕන.ඵ් පොස්ට් වෙනත් වෙබ් අඩවි වලින් කොපි කරපුව වෙන්න බෑ.තමන්ම ලියපුව වෙන්න ඔන.

මම ‍ඔය කිව්වවෙ ගූගල් සමාගමෙන් කියල තියෙන නීති රීති වලින් ටිකක්.මම දන්නව ඔය තියෙන නීති වලට ඔයාල කවදාවත් ඵකග වෙන්නෙ නෑ කියල.අපි ගාව ඔව්වට විසදුම් කෙයි ක්‍රම තියෙනවා අපිත් ඵක්ක දිගටම රෑදී හිටියොත් ඵ්ව ගැන ඉගන ගන්න පුඵවන්.මෙන්න මෙතනින් ගිගින්Adsense  හි නීති රීති සම්පුරණයෙන් කියවගන්න.

ඵමහනම් අදට මගේ පොස්ට් ඵක මෙතනින් නවත්තනවා නැවතත් අඵත් කොටසකින් හමුවමු.ඔබට ඡය!

Posted on 10:54 PM by BestOnlineGameCheats

No comments



සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මම අද ඉදන් බ්ලොග් එක අයෙත්  කරන්න පටන් ගත්ත. මොකද මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුන මේක යේ පටන් ගන්න කියල. උසස් පෙළ දැන් ඉවර නිසා ඔන්න ඉතින් මම අයෙත් ගේමට එන්ටෙර් උන.

හරි ඔය ඔප දුප වලින් වැඩක් නෑ අපි බලමු අද මොකක්ද මේ Ebay කියන එක ගැන.මම පහලින් විස්තර කරගෙන යන්නම් ඔයාලට සාමාන්යෙන් එන ප්‍රශ්න ගැන.

ඇත්තටම මේ eBay කියන්නෙ මොකක්ද?

eBay කියන්නෙ හරියට මුළු ලෝකයේම ව්‍යාප්ත පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyers) සහ විකුණුම්කරුවො (sellers). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න. මේකෙදි හොද බැඳ නරක බැඳ කියල තොර ගන්න නම් පොඩි පළපුරුද්දක් තියෙන්න ඕන.එහම ඒවා තෝරාගන්නේ කොහොමද කියන එක ගැන මම ඉදිරි ලිපි වලදී කියල දෙන්නම්.

eBay එකෙන් අපිටත් බඩු මිලදී ගන්න පුලුවන්ද ?

මොකද බැරි ඔයාට මට වගේම මේ ලෝකේ ජිවත් වෙන ඕනෑම කෙනෙක්ට eBay හරහා ලේසියෙන්ම බඩු මිලදී ගන්න පුළුවන්.

eBay එකෙන් මිලදී ගන්න බඩු අපිට එවන්නේ කොහේ ඉදන්ද ?

eBay කියන්නේ ලෝකයේ ව්‍යාප්ත පොලක් නිසා අපිට කියන්න බැ මෙන්න මෙතන ඉදන් තමයි අපිට බඩු එවන්නේ කියල.බඩු එවන ස්ථානය තීරණය වෙන්නේ අපි බඩුව මිලදී ගන්න seller අනුව තමයි. උදාහරණයක් විදියට seller චිනේ නම් අපිට බඩුව එවන්නේ චිනේ ඉදල. seller ඇමරිකාවේ නම් බඩුව එවන්නේ ඇමරිකාවේ ඉදල. එබය් වෙබ් අඩවියේ ඔයාලට seller ගේ රට ගැන දැනගන්න පුළුවන්.

eBay එකෙන් බාන්ඩයක් එන්න කොච්චර කාලයක් යනවද ?

මේකත් ඇත්තටම කෙලින්ම කියන්න අපහසු කාරණයක්, සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?

ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

eBay එකෙන් එවන බඩු අපේ ගෙදරට ලැබෙන්නේ කොහොමද ?

eBay  බවිත කරලා බරින් වැඩි ලොකු බැඳ ගෙන්නවන එක නුවනට හුරු නෑ. මොකද ඒවාට බදු වදින්න පුළුවන්. එහම නැති සියලුම බැඳ සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?

මුලිකවම ගෙවීම් කටයුතු සදහා බවිත වෙන්නේ Paypal තමා.ඒ වගේම අපිට Credit Card , Debit Card බවිතයෙනුත් ගෙවීම් කරන්න පුළුවන්. ලංකාවේ නම් ගෙඔදක් අන්තර්ජාල මුදල් හුවමාරු සදහා බවිත වෙන්නේ HNB සහ Sampath කියන බැංකු ආයතන තමයි.

අවසාන වශයෙන් eBay එකෙන් බන්දයක් ගෙන්නවනම් අපි ලග තියෙන්න ඕන මොනවද ?
1) eBay Account එකක්
2) Paypal හෝ   Credit Card , Debit Card  එකක් (මුදල් තියෙන්නත් ඕන)

මම අද කතා කරේ මුලික සිද්දාන්ත කීපයක් විතරයි මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊලග ලිපිය ලියන්න බලාපොරොත්තු වෙනවා කොහොමද Paypal ගිණුමක් හරියට හදාගන්නේ සහ කොහොමද එකටCard එකක් ඇඩ් කරන්නේ කියන එක ගැන ඒ වගේම අන්තර්ජලයෙන් මුදල් උපයන ක්‍රම ගැන තවත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. එහනම් අදට සමුගන්නම් ඔබ සැමට සුබ දවසක්.

Posted on 2:36 AM by BestOnlineGameCheats

5 comments